Right To Life Human Rights Center

“සේවක අයිතීන් සුරැකෙන ලෙස නිරෝධායන මාර්ගෝපදේශ නිකුත් කරනන්න” මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි

නිදහස් වෙළෙද කලාපය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වන කොවිඩ් මර්දන ව්‍යාප්තියේ දී  කම්කරු ප‍්‍රජාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන  ලෙස ඒ කටයුතු සිදු කිරීම සදහා අවශ්‍ය මාර්ගපදේශයන්/නිර්නායක නිකුත් කරන ලෙස නිදහස් වෙළද  කලාපයේ සේවක අයිතිවාසිකම් සදහා සිවිල් සමාජ ඒකතුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, එම මාර්ගෝපදේශයන්/නිර්ණායක කොවිඩ් මර්දනය සදහා පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය, කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සදහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය, ශ‍්‍රී ලංකා යුද හමුදාව සහ ශ‍්‍රී ලංකා පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන වෙත එකී නිර්ණායක අනුගමනය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටී.

මේ සම්බන්ධව මානව හිමිකම් කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ගේ නියෝජිතයන්, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්, ජනාධිපති කාර්ය සාධක බලකායෙහි නියෝජිතයින්, හාම්පුතුන්ගේ සංගම්, ආරක්ෂක අංශ, සෞඛ්‍ය සහ කම්කරු නිලධාරීන් අතර කඩිනම් විශේෂ සාකච්ඡාවක් කැඳවන ලෙසද වෙළෙඳ කලාපයේ සේවක අයිතිවාසිකම් සදහා සිවිල් සමාජ එකතුව මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.

Scroll to Top