Right To Life Human Rights Center

තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් විද්වත් සංවාදයක්

සැප්තැම්බර් 28 දිනට යෙදී ඇති අන්තර්ජාතික තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් තොරතුරු දැන ගැනීම අහිමි කළ නොහැකි අයිතිවාසිකමක් යන මැයෙන් විද්වද් සංවාදයක් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් පැවැත්වීමට සැලසුම්කර තිබේ. මෙම සංවාදය සැප්. 28 සදුදා උදේ 9.30ට කොළඹ 7, විජේරාම මාවතේ පිහිටි සව්සිරිපාය ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ. මේ සදහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු කතානායක කරූ ජයසුරිය, තොරතුරැ අයිතිවාසිකම් පිළිබදව කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ ක්‍රිෂාලි පිංටෝ ජයවර්ධන, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නීතිඥ නාලක කළුවැව, නීතිඥ ජගත් ලියනආරච්චි හා ජනමාධ්‍ය අමාත්‍යශයේ අතිරේක ලේකම් ඒච්.හේවගේ යන මහත්ම මහ්මීන් සහභාගී වීමට නියමිතව ඇත.

Scroll to Top