Right To Life Human Rights Center

Development protecting rights අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல் Development protecting rights අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல் Development protecting rights අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

සමාජ මාද්‍ය පිළිබද පුහුණු වැඩසටහන

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් සිය ආයතනික සමාජ වගකීම් ප‍්‍රවේශය යටතේ කෝවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය සමග දිස්ත්‍රික් 16 ක් පුරා පිහිටුවා ඇති මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයන් සමග කටයුතු කිරීමට සිදු වූයේ ඔන්ලයින් තාක්ෂණය උපයෝගී කරගනිමින් ය. මෙම නව තාක්ෂණය හා සම්බන්ධ වී කටයුතු කිරීමේදී සියළුදෙනාගේම් ධාරිතාව සමාන මට්ටමක නොමැත.ඔවුන්ගේ සමාජ මාධ්‍ය පිළිබද ඇති දැනුම වැඩිකිරීමහා සමාජ මාධ්‍යයන් හා නව තාක්ෂණය සමග ගනුදෙනු කිරීමේදී ඔවුන්ගේ ප්‍රායෝගික දැනුම වැඩි දියුණු කිරීම සදහා හා ඊට අමතරව තාක්ෂණය භාවිතා කිරීමේදී සැලකිල්ලට ගත යුතු ක්‍රියාමාර්ග පිලිබද ප්‍රාථමික පුහුණුවක් ලබා දුණි.

මෙහිදී ඔවුන්ට ඊ මේල් හරහා ගනුදෙනු කිරීම, සමාජ මාධ්‍ය භාවිතය, මාර්ගගත රැස්වීම් සදහා zoom තාක්ෂණය ඔස්සේ සහභාගී වීම, සයිබර් ආරක්ෂා ව පිලිබද මුල් අදියරේ පුහුණුවක් ලබා දීම මුඛ්‍ය අරමුණ විය. කෝවිඩ් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් මානව හිමිකම් දිස්ත්‍රික් ප්‍රථමාධාර මධ්‍යස්ථානවල සාර්ථකව පැවැත්වීමට හැකි විය.
මෙම වැඩසටහන් මාලාවේ දසවන පුහුණුව අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේදි ක්‍රියාදරයන් හට පෙබරවාරී 18 වන දින පැවැත්වුනි.

Scroll to Top