Right To Life Human Rights Center

මානව හිමිකම් නීතීවේදීන්ගේ හමුවක් අනුරාධපුරදී

මානව හිමිකම් නීති ක්ෂේත්‍රය සමග සම්බන්ධව කටයුතු කරමින් ප්‍රදේශයේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම වෙනුවෙන් පෙනී සිටින අනුරාධපුර  දිස්ත්‍රික් නීතිවේදීන්ගේ හමුවක් පසුගිය අප්‍රේල් 24 දින අනුරාධපුර  ප්‍රදේශයේදී පැවැත්වුනි . මෙම හමුව සදහා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නිතිවේදී දුලාන් දසනායක මහතා ඇතුළු නීතිවේදීන් කිහිපදෙනෙකුද අනුරාධපුර  දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සමසම්බන්ධීකාරක නිමල් දිසානායක මහතා  ඇතුළු අනුරාධපුර  දිස්ත්‍රික් මානව හිමිකම් නීතිවේදීන් කිහිපදෙනෙකු සහභාගි විය. මෙහිදී දිස්ත්‍රික්කයේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ලක්ව සිටින වින්දිතයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගත යුතු පියවරයන් පිළිබඳව ඇතුළු ප්‍රදේශයේ පවතින පොදු මහජන ගැටලු පිළිබඳව සාකච්ඡා විය. 

Scroll to Top