Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

OMP සභාපතිගේ පත්වීම වහා අවලංගු කරන්න – සන්ධ්‍යා එක්නැළිගොඩ ජනපතිගෙන් ඉල්ලයි

අතුරුදහන් කළ පුද්ගලයින් වෙනුවෙන් විරුද්ධව ඔවුන්ගේ  නඩුවල ඉන්න පුද්ගලයෙකුට අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලයේ සභාපති තනතුරට පැමිණ අතුරුදහන්වුවන් වෙනුවෙන් යුක්තිය පෙනී සිටීමට නොහැකි බවත්, වහාම එම පත්වීම අවලංගු කරන ලෙසත් මානව හිමිකම් ක්‍රියාකාරීනි සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලය (OMP)  උතුරේද දකුණේද දීර්ඝ කාලයක් අතුරුදහන් වු සහ අතුරුදහන් කළ තම ඥාතීන් සොයා ගැනීම වෙනුවෙන් අරගල කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එය එකසත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් එවකට පැවති රජයත් සමඟ එක් වී 2015 දී 30(1) නමැති යෝජනාව ගෙනවිත් එහි නිර්දේශ මත ලංකාවේ අතුරුදහන් වූ පවුල් වල වින්දිතයින්ට මෙම කාර්යාලය හිමි වූ බව ද ඇය පවසයි.

මේ කාර්යාලයේ සභාපති ලෙස හිටපු විනිශ්චකාර උපාලි අබේරත්න මහතා පත් කර ඇති බවට දැන ගන්නට ලැබුණු බවත්, මේ උපාලි අබේරත්න යන විනිශ්චකාරවරයා තමන් ඇතුලු තරුණයන් 11 කු පැහැර ගැනිමේ සිද්ධිය සම්බන්ධ නඩුවේ විත්තිකාරයින් වන චෝදනා ගොනු කර ඇති හමුදා  සාමාජිකයින් ඒකපාර්ශවීය ලෙස කැඳවා එහි සිටි සාක්ෂිකරුවන් විත්තිකරුවන් කර විනිශ්චය කළ පුද්ගලයා බවත් ඇය කියා සිටියි.

ඔහු එහි දැනටමත් වැඩ පටන් ගෙන ඇත්තේ උතුරේ සිටින්නේ ත්‍රස්තවාදීන් බව පවසමින් බව තමන්ට දැනගන්නට ලැබුණු බවත් ත්‍රස්තවාදියෙකු වූවත් මිනිසෙකු අතුරුදහන් වූ විට ඔහු අතුරුදහන් පුද්ගලයෙකු බවත් කිසිම පුද්ගලයෙකුට කිසිවෙකුත් අතුරුදහන් කිරීමට අයිතියක් නැති අතර සෑම අයෙකුටම ජීවත් වීමේ අයිතිය හිමිව තිබෙන බවත් ඇය සිහිපත් කර සිටියි.

පැහැදිලිවම තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ පත්වීම අවලංගු කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ 30(1) යෝජනාවලියට සහාය දක්වන සියලුම රටවල රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින්ගෙන්ද තමන් ඉල්ලා සිටින්නේ මේ ශ්‍රි ලංකාවේ අතුරුදහන් වුවන් පිලිබඳ යාන්‍ත්‍රණය කිරීමට මැදිහත් වන්නා සේම, මේ  පත්වීම අවලංගු කිරීමටත් මැදිහත් වන ලෙසට බව ඇය වැඩිදුරටත් පවසයි..

Translate »
Scroll to Top