Right To Life Human Rights Center

Development protecting rights අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல் Development protecting rights අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல் Development protecting rights අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

SSP කීර්තිරත්න අත්අඩංගුවට..!

රඹුක්කන ප්‍රදේශයේ පැවති සාමකාමී විරෝධතාවයකට වෙඩිතැබීමට අණදුන් කෑගල්ල ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න සීඅයිඩීය අද (28) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුට අමතරව මෙම වෙඩි තැබීම සුදුකළා යැයි කියන පොලිස් නිළධාරීන් 03ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය අප්‍රේල් 19 දා කෑගල්ල පොලිසියෙන් පැමිණි පොලිස් නිළධාරීන් කණ්ඩායමක් මෙම වෙඩිතැබීම සිදුකළ බවට ප්‍රකාශ වෙන අතර එම වෙඩි තැබීම නිසා 41 හැවිරිදි පුද්ගලයෙක් මරණයට පත්විය. තවත් 29 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නියෝග ලබාදෙමින් කැගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ප්‍රකාශ කළේ මෙය මනුෂ්‍ය ඝාතනයක් බවයි. ඒ අනුව මෙම වෙඩි තැබීම සිදුකළ සහ එයට අණදුන් පොලිස් නිළධාරින් වහාම අත්අඩංගුවට ගන්නැයි ඇය මෙහිදී පොලිස්පතිවරයාට නියෝග නිකුත් කළ අතර මෙම නියෝගය සමග අදාළ පොලිස් අධිකාරීවරයා නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුලත්වී ඇත.
ඒ අනුව ඔහු එහිදී ද අනෙකුත් නිළධාරීන් නුවර ප්‍රදේශයේදී ද අත්අඩංගුවට ගෙන ඇතිබව දැනගන්නට ලැබේ.
Scroll to Top