වසංගතයෙන් පීඩාවට පත් වෙන දරුවන් වෙනුවෙන් 1929
රටේ වේගයෙන් පැතිර යන වසංගතය හේතුවෙන් අනාරක්ෂිත වන ළමුන් පිළිබදව තොරතුරක් වේනම් වහාම දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉල්ලා සිටි. එම අධිකාරියේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ 1929 දුරකථන සේවයට ඒ පිළිබදව දැනුම් දෙන ලෙසයි. රට පුරා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස්වල සිටින දෙමව්පියන් හා වැඩිහිටියන් ඉතා වැඩි වේගයකින් කොරෝනා වෛරස් ආසාදිතයන් බවට පත් වෙමින් තිබේ. …