Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

torture act sri lanka 1994

කෙළවරක් නොමැති පොලිස් වධහිංසාව…

  මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය පෙබරවාරි 27 වන දින පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී වධහිංසා කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇත. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ සුරවීරගේ ඉන්ද්‍රජිත් ප්‍රියදර්ශන නැමැති විවාහක වයස අවුරුදු 33ක් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු ඇඟලුම් කර්මාන්තයේ රැකියාවක නියුක්ත ව සිට ඉන් ඉවත්ව දැනට පෙදරේරුවකු ලෙස රැකියාවක නියුක්ත …

කෙළවරක් නොමැති පොලිස් වධහිංසාව… Read More »

වදහිංසා පනත යටතේ නීතිපති නඩු නොදැම්මොත්?

පොලීසියේ නිලධාරීන් හෝ රජයේ නිලධාරීන් ශාරීරික හෝ මානසික වධහිංසාවන් කලොත්, වදහිංසාවන් කරපු අයට නීතිපති නඩු නොදැම්මොත් …..1994 අංක 22 දරණ කෲර වධහිංසාවලට එරෙහි පනත භාවිත කරන හැටි. ඌන භාවිත නීතියකි. ඉහල විස්තර කරල තියන රජයේ නිලධාරියකු, හමුදා නිලධාරියකු හෝ පොලිස් නිලධාරියකු කම්මුල් පාරක් ගැහුවත් ප්‍රසිද්ධියේ  බෙල්ලෙන් අල්ලලා පස්සට පහර දුන්නත්, පයින් යටි බඩට ගැහුවත් එහෙම …

වදහිංසා පනත යටතේ නීතිපති නඩු නොදැම්මොත්? Read More »

පොලිස්පතිට ලියුමක් – වසංගතයේ හිංසනය වැඩි වීම පිළිබඳව SLCAT අවධානය.

රජයේ බලධරයන් විසින් බලය අවභාවිතා කිරීමේදී සමාජයේ දුර්වල සහ අසරණ ජනතාවට විරුද්ධව පමණක් නීතිය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කිරීම රජය හා පොලිසිය වැනි රජයේ ආයතන කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය දිගින් දිගටම පළුදු කරවන්නක් බව වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව පවසයි. ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ අත්තනෝමතික ලෙස අත්අඩංගුවේ රඳවා …

පොලිස්පතිට ලියුමක් – වසංගතයේ හිංසනය වැඩි වීම පිළිබඳව SLCAT අවධානය. Read More »

අපරාධ යටපත් කරන, පුරවැසි ජීවිත අනතුරේ හෙළන නීති විරෝධී පොලිස් ඝාතන

නීති විරෝධි අධිකරණමය නොවන ඝාතන (Extra Judicial Killings)  අද ලංකාවේ ක්‍රමයෙන් වර්ධය වන අයුරු දැකිය හැක. නීති විරෝධී ඝාතන යනු නීතියට පිටින් කරන ඝාතනයි. නීති විරෝධී ඝාතනයන් පිළිබඳව නැවතත් අවධානය යොමු වන්නේ දින දෙකක් තුළදී මෙලන් මබුලා හෙවත් ඌරු ජුවා සහ තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක යන සැකකරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරින් ඝාතනය වීම …

අපරාධ යටපත් කරන, පුරවැසි ජීවිත අනතුරේ හෙළන නීති විරෝධී පොලිස් ඝාතන Read More »

කොස්ගොඩ තාරකටත් පොලිසීයෙන් අවම බලය!

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පොලීසියේ අවම බලය යොදා ඝාතනය කර පැය 24 ක් යාමට මත්තෙන් අද (13) අළුයමද තවත් සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත. ධර්ම කීර්තී තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක මේ මිය ගොස් ඇත. 34 වියේ පසු වන මෙම පුද්ගලයා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් විසින් …

කොස්ගොඩ තාරකටත් පොලිසීයෙන් අවම බලය! Read More »

පොලිසීයේ අවම බලයෙන් අත්අඩංගුවට පත් සැකකරු මරුට!

ශ්‍රී ලංකාවේ පොලිස් ආඥා පනතේ පොලිස් නීතියට අනුව පොලිස් නිලධාරින්ට සිවිල් පුද්ගලයින්ට වෙඩි තබා ඝාතනය කළ නොහැකිය. ඔවුන්ට හැකියාව ඇත්තේ දණහිසෙන් පහළට වෙඩි තැබීමට පමණි. එය පොලිසීයේ අවම බලය පාවිච්චි කිරිමකි. එහෙත් කණගාටුවට කරුණක් වන්නේ මේ පොලිසීයේ අවම බලය පහුගිය කාලය පුරාම භාවිතා වුයේ ජීවිතයක් අහිමි කරමින් වීමය. ඉකුත් වසරේ පමණක් පොලිස් මෙලෙස පොලිසීය නීතියට …

පොලිසීයේ අවම බලයෙන් අත්අඩංගුවට පත් සැකකරු මරුට! Read More »

ඝාතනයට වසර විස්සයි සැකකරු තවමත් නිදැල්ලේ!

කළුතර මහාධිකරණයේ නඩු අංකය එච්.සී.570/13 යටතේ විභාග වන නඩුව ලෝකයේ දීර්ඝතම අපරාධ නඩු විභාගය වියහැකිය. එය අවුරුදු 20ක් ගතවීත් තවමත් විභාග වෙමින් තිබෙයි. මෙම නඩුවට අදාළ සිද්ධිය කුමක්ද? පයාගල පොලිස් අත්අඩංගුවේදී අමානුෂික වදහිංසා මතින් ඝාතනය කරනු ලැබූ ලසන්ත ජගත් කුමාරට යුක්තිය ඉටුකරගැනීම අරඹයා මෙම නඩුව තවමත් ඇසෙමින් තිබෙයි. මෙම නඩුවට අදාළ ප්‍රධාන චූදිතයා කවුද? ඔහු …

ඝාතනයට වසර විස්සයි සැකකරු තවමත් නිදැල්ලේ! Read More »

පොලිස් වදහිංසාවට තවත් උදාහරණයක්!

රටක නීතියේ පාලනය සහ සාමය පවත්වාගෙන යෑම සඳහා ස්ථාපිත ප්‍රධානතම ආයතනය පොලීසියයි. සැමට නීතිය එකසේ ක්‍රියාත්මක කිරීමද පුද්ගල නිදහස සමාජය තුළ ස්ථාපනය කර පවත්වාගෙන යාමද පොලීසියේ ප්‍රධාන කාර්‍යයන් ය. එහෙත් එවන් අරමුණකින් ක්‍රියාත්මක වියයුතු පොලීසිය තුළින්ද නිතර නිතර මිනිසුන් වධහිංසාවන්ට පාත්‍ර කිරීම් ද ඝාතනයන් ද වාර්තා වෙයි. වැටත් නියරත් ගොයන් කානම් කාට කියන්න ද ඒ …

පොලිස් වදහිංසාවට තවත් උදාහරණයක්! Read More »

Translate »
Scroll to Top