Right To Life Human Rights Center

යුක්තිය උදෙසා පුරවැසියෝ එකතුවේ හමුවක් කුරුණෑගලදී.

පොලිස් වධහිංසනයෙන් සහ නීතී විරෝධී ඝාතන වලට ලක්ව පීඩාවට ලක්වූ වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ගොඩනගන ලද යුක්තිය උදෙසා පුරවැසියෝ එකතුවේ හමුවක් දෙසැම්බර් මස 19 වන දින කුරුණෑගලදී  පැවැත්වුනි.
 වයඹ සහ උතුරු මැද පළාතේ ව්‍යාප්තව සිටින වින්දිතයින්ගේ සහභාගිත්වයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ  සිදු කෙරුණු  මෙම හමුව සදහා ,

යුක්තිය උදෙසා පුරවැසියෝ එකතුවේ කැදවුම්කරු අමිතා ප්‍රියන්ති මහත්මිය, කුරුණෑගල  මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක G.දිසානායක  , පුත්තලම  මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක නිමල් අබේසිංහ , අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක නිමල් දිසානායක ඇතුළු වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් මීට සහභාගි විය.

Scroll to Top