වසංගතය යනු අයිතිවාසිකම් පසෙකලා ක්‍රියාත්මක වීමට රජයට ලබාදෙන බලපත්‍රයක් නොවන බවත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් ඉවත්කර ගන්නා ලෙසත්, විරෝධය පෑමට හා අදහස් ප්‍රකාශ කිරීමට ජනතාවට ඇති අයිතිය අහිමි නොකරන ලෙසත්, රඳවාගෙන සිටින ශිෂ්‍ය නායකයන් නිදහස් කිරීමට වහා පියවර ගන්නා ලෙසත් රජයට බලකරමින් සිවිල් සංවිධාන හා පුද්ගලයින් 127ක් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. පහත දැක්වෙන්නේ ඒම සම්පුර්ණ ප්‍රකාශයයි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා අධ්‍යාපනය මිලිටරිකරණයට ගන්නා උත්සාහය නතර කරන ලෙසත් විරෝධතාවන්ට නායකත්වය දුන් ක්‍රියාකාරීන් අඛණ්ඩව රඳවා තබා ගනිමින් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ නො හෙළන ලෙස පහත නම් සඳහන් සිවිල් සංවිධාන සහ පුද්ගලයන් ලෙස අප රජයට බල කර සිටියි.
“මෙරට ප්‍රජාතන්ත්‍රීය අවකාශය සුරක්ෂිත කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම, සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් සිවිල් සමාජය ලෙස අප අඛණ්ඩව පෙනී සිට ඇති අතර, සිවිල් අවකාශය මිලිටරිකරණය කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව අපගේ විරෝධය දක්වන පළමු අවස්ථාව මෙය නොවේ.”
කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල (KNDU) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට ආණ්ඩු පාර්ශ්වය ගන්නා ප්‍රයත්නය, සිවිල් අවකාශය මිලිටරිකරණය වීමේ පියවරක් බව අප නිරීක්ෂණයයි. විශේෂයෙන්ම වසංගත අර්බුදයක් මධ්‍යයේ මෙවැනි පනතක් ගෙන ඒමට කඩිනම් වීමත් ඊට එරෙහිව පෙනී සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු මර්දනය කිරීමත් අප දැඩි සේ හෙළා දකිමු. තවද, මෙම පනතට එරෙහි විරෝධතාවන්ට නායකත්වය දුන් ශිෂ්‍ය නායකයන් ව්‍යාජ චෝදනා නගා සිරගත කිරීමත් වසංගත සමයක ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළමින් කටයුතු කිරීමත් සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව ද අප අවධාරණය කරමු.
මෙරට ප්‍රජාතන්ත්‍රීය අවකාශය සුරක්ෂිත කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම, සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් සිවිල් සමාජය ලෙස අප අඛණ්ඩව පෙනී සිට ඇති අතර, සිවිල් අවකාශය මිලිටරිකරණය කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව අපගේ විරෝධය දක්වන පළමු අවස්ථාව මෙය නොවේ. විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුව කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සංස්කාතික උරුමයන් ආරක්ෂා කිරීම, සෞඛ්‍ය යනාදි ක්ෂේත්‍රයන් සඳහා හමුදා ප්‍රධානීන්ගේ සහ හමුදා සමාජිකයින්ගෙන් යුතු කාර්ය සාධක බලකා පත් කිරීම ඇතුළුව හමුදාකරණය වන ප්‍රතිචාර ඉහළ යෑම සම්බන්ධව අප දිගින් දිගටම අවධානය යොමු කර ඇත්තෙමු. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා අධ්‍යාපනය මිලිටරිකරණයට ගන්නා උත්සාහයට එරෙහිව මතු වී ඇති ජනතා අරගලයට අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි සිවිල් ව්‍යාපාරය වශයෙන් අප සහය පළකරන්නේ එම අරගලයේම දිගුවක් වශයෙනි.
මෙම පනතේ අඩංගුව විමසා බැලීමේදි මෙය පැහැදිලිව සිවිල් අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමට ගන්නා තිව්‍ර උත්සාහයක් බව අප නිරීක්ෂණයයි.
කොතලාවල පනත මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සමාන බලයක් සහිත සමාන්තර මිලිටරිමය විශ්වවිද්‍යාල පද්ධතියක් නිර්මාණය වනු ඇත.
යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අනුව, ආරක්ෂක අමාත්‍යංශය සහ මිලිටරිය මගින් මුලුමනින්ම පාලනය කෙරෙන්නා වූ ද, 1978 විශ්වවිද්‍යාල පනතෙන් පරිබාහිරව සහ ස්වාධීනව ක්‍රියාත්මක වන්නා වූ ද විශ්වවිද්‍යාලයක් බවට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පත්වේ. ශ්‍රී ලංකාවේ දැනට තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පාලනය වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගිනි. එහෙත් යෝජිත කොතලාවල පනත මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සමාන බලයක් සහිත සමාන්තර මිලිටරිමය විශ්වවිද්‍යාල පද්ධතියක් නිර්මාණය වනු ඇත. එම විශ්වවිද්‍යාල පද්ධතිය පාලනය කරනු ලබන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ හා සන්නද්ධ හමුදාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පාලක මඩුල්ලක් විසිනි.
මෙකි මිලිටරි ව්‍යුහය තුළ, මිලිටරි විනයට සිවිල් සිසුන් සහමුලින් යටත් කරන වගන්ති මෙම පනතේ අඩංගු බව අප නිරීක්ෂණයයි. “විශ්වවිද්‍යාලය තුළ පවතින යම් තත්ත්වයක් ජාතික ආරක්ෂාවට අනතුරුදායක වීමේ නැඹුරුවක් පවතින බවට හෝ ජාතික ප්‍රතිපත්තියට අහිතකර හෝ අගතිදායක බව” හෝ නැතහොත් එම තත්ත්වය මගින් විශ්වවිද්‍යාලයේ නිසි ක්‍රියාකාරීත්වය බිඳ වැටීමේ නැඹුරුවක් ඇති බවට අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවක, “එම තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය විය හැකි යයි ඔහු විසින් සලකනු ලබන පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් පාලක මණ්ඩලයට විධානය කරනු ලැබිය හැකි ය.”
ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් තුළ ශිෂ්‍යය ක්‍රියාකාරිත්වයන්ට තිබෙන ඉඩකඩ මෙම පද්ධතිය තුළට ඇතුළත් වන සිසුන්ගෙන් සම්පුර්ණයෙන්ම අහිමි කර ඇති බව මෙමඟින් තහවුරු කරන බව අප අදහසයි.
මෙම අත්අඩංගුවට ගැනීම් බොහොමයක්, නිරෝධායන නීති උල්ලංඝනය කළේය යන ව්‍යාජ චෝදනා මත සිදුව තිබෙන බව අප නිරීක්ෂණයයි. විරෝධතාවයක් සඳහා යොදා ගත් මිනීපෙට්ටියක ආකෘතියක් ගිනි තැබීම නිසා පොදු දේපලවලට හානි කර ඇතැයි යන චෝදනාව එල්ල කරමින් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.
මේ සම්බන්ධයෙන් සිය විරෝධය පෑමට විශ්වවිද්‍යාල සිසුන් ඇතුලු මේ පිළිබඳ උනන්දු සියලු දෙනාට අයිතියක් ඇති අතර මේ සඳහා නායකත්වය දුන් විශ්වවිද්‍යාල ආචාර්යවරු, ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කිරීමේ උත්සාහයට අපගේ විරෝධය පළ කරමු. ව්‍යාජ චෝදනා නගමින් ශිෂ්‍ය ක්‍රියාකාරීන් හා ආචාර්යවරු බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම්, ප්‍රශ්න කිරීම් පිළිබඳ සිදුවීම් ගණනාවක් මේ වන විට වාර්තා වී ඇත.
අගෝස්තු 03 වැනි දා පාර්ලිමේන්තු පාරේ පැවැති උද්ඝෝෂණයට සම්බන්ධ වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අගෝස්තු 05 වැනි දා රාත්‍රියේ සිරස රූපවාහිනියේ සාකච්ඡාවකට සහභාගී වී ආපසු යමින් සිටිය දි අත්අඩංගුවට ගනු ලැබීය. තවද විරෝධතාවලට සම්බන්ධව සිටි චමීර කොස්වත්ත සහ කෝෂිලා හංසමාලි යන ශිෂ්‍ය ක්‍රියාකාරීන් ද අත්අඩංගුවට ගෙන ඇති අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප ද බලහත්කාරයෙන් රැගෙන ගොස් අත්අඩංගුවට ගෙන ඇත. පනතට එරෙහි විරෝධතාවයකට ගොස් නැවත පැමිණෙමින් සිටියදි පිරිසක් ගමන් කළ බස් රථයකට ඇතුළු වූ සිවිල් ඇඳුමෙන් සැරසුණු තැනැත්තෙකු කිසියම් අයෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධ සිදුවීමක් ද කථිකාචාර්ය අමින්ද ලක්මාල් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණි. එමෙන්ම, කොතලාවල පනතට එරෙහිව මෙන්ම ගුරු විදුහල්පති අර්බුදය තුළ ක්‍රියාකාරීව කටයුතු කරන ක්‍රියාධරයන් මර්දනය කිරීමට ගත් උත්සාහයන් කෙරෙහි ද අප අවධානය පළ කරමු.
මෙම අත්අඩංගුවට ගැනීම් බොහොමයක්, නිරෝධායන නීති උල්ලංඝනය කළේය යන ව්‍යාජ චෝදනා මත සිදුව තිබෙන බව අප නිරීක්ෂණයයි. විරෝධතාවයක් සඳහා යොදා ගත් මිනීපෙට්ටියක ආකෘතියක් ගිනි තැබීම නිසා පොදු දේපලවලට හානි කර ඇතැයි යන චෝදනාව එල්ල කරමින් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.
එලෙස බන්ධනාගාර ගත කරනු ලැබූ වසන්ත මුදලිගේ, අමිල සන්දීප සහ චමීර කොස්වත්ත යන ශිෂ්‍ය නායකයින්ට බන්ධනාගාරය තුළ දි කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව දැනගන්නට ලැබේ. බලධාරීන්ගේ මෙම වගකීම් විරහිතභාවය සහ මොවුන්ගේ ජීවිත ආරක්ෂාව අනතුරේ හෙළමින් කටයුතු කිරීමේ වගකීම රජය බාර ගත යුතුව ඇති බව අපි දැඩිව අවධාරණය කරන්නෙමු. රැඳවුම්භාරයේ සිටින්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව, ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම අවශ්‍යයෙන්ම රජයේ වගකීමකි.”
වසංගතය යනු අයිතිවාසිකම් පසෙකලා ක්‍රියාත්මක වීමට රජයට ලබාදෙන බලපත්‍රයක් නොවන බව අප දැඩිව අවධාරණය කරමු.
මේ වන විට පාර්ලිමේන්තුවට ගෙන ඒමට ප්‍රමාද කර තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් ඉවත්කර ගන්නා ලෙසත්, විරෝධය පෑමට හා අදහස් ප්‍රකාශ කිරීමට ජනතාවට ඇති අයිතිය අහිමි නොකරන ලෙසත්, රඳවාගෙන සිටින ශිෂ්‍ය නායකයන් නිදහස් කිරීමට වහා පියවර ගන්නා ලෙසත් අපි රජයට බලකර සිටිමු.
Organizations
Individuals