Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

අනුරපුර බන්ධනාගාරයට කඩා වැදුනු රාජ්‍ය ඇමතිගෙන් සිරකරුවන්ට තර්ජන!

ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනයේ රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ස්වයං ක්‍රීය ගිනි අවියක් රැගෙන අනුරාධපුර බන්ධනාගාරයට ගොස් යකා නැටීම සම්බන්ධයෙන් සිය විරෝධය පල කරන බවත්, ඒ පිළිබදව වහාම පරික්ෂණයක් පැවත්විය යුතු බවත්  අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසුවේය.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය (12දා) ජාත්‍යන්තර සිරකරු දිනය පැවති දිනයේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ආයුධ සන්නද්ධව අනුරාධපුර බන්ධනාගාරයට ගොස් උපරිම ආරක්ෂක සිර මැදිරියේ (මැක්සිමස්) රදවා සිටි අංක 140 සිරකරුගේ හිසට පිස්තෝලයක් එල්ල කිරීමට විරෝධය පලකරමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා.

මේ ඇමතිතුමා හරිම ප්‍රසිද්ධයි ගිණි අවි අරගෙන කොට කලිසම් ඇදගෙන පන්සල් යන්න බන්ධනාගාර ඇතුලට අවේලාවේ රිංගන්න.

අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වෙලා තියෙන්නේ අවේලාවේ.ඒ අවස්ථාවේ ඔහුගේ ආරක්ෂක අංශ නිලධාරින් ඉදලා තියනවා. ඩෙනිමක් ඇදගෙන තමයි ඇතුලට ගිහිල්ලා තියෙන්නේ.

කිසිම පිටස්තර කෙනෙකුට බන්ධනාගාරයට ඇතුළුවීමට නොහැකි අවස්ථාවේ ඔහු ගිනි අවියක් අරගෙන ගිහිල්ලා.බන්ධනාගාර නිලධාරින්වත් ගිනි අවි රැගෙන රැදවියන් ඉන්න සිර මැදිරිවලට යන්නේ නෑ.එහෙම ගිහිල්ලා අධි ආරක්ෂාව යටතේ සිටි සිරකරුවන් දොලොස් දෙනෙකු සිර මැදිරිවලින් එළියට අරගෙන තියෙනවා.

වව්නියාව අධිකරණයෙ නියෝග මත රදවා සිටින සිරකරු අංක 140 කියන රැදවියාව තමයි එළියට අරගෙන දන ගස්වලා ලෝඩ් කරපු පිස්තෝලය හිසට තියලා තියෙන්නේ.මෙයා ඔය විදියටම වැලිකඩත් යකා නටලා තියනවා.

මේ ආකාරයට කටයුතු කරන්න ඔහුට මේ ආකාරයට බලය ලැබුණේ කොහොන්ද?බන්ධනාගාර රැදවියට අඩම්තේට්ම් කරන්නේ කොහොමද?

අනුරාධපුර මහේෂ් විජේසූරිය

Translate »
Scroll to Top