Right To Life Human Rights Center

logo-e2l
DEVELOPMENT PROTECTING RIGHTS
HOTLINE : +94 11 2669100

වාර්තාකරණයේ, විරෝධතා දැක්වීමේ, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සුරකිනු!

පසුගිය මාර්තු 31 දින සිට පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බරපතළ බාධා කිරීමේ ක්‍රියාවන් කිහිපයක් සිදු වී ඇති බවත් මෙය අඛණ්ඩව පැවතීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළීමක් බව අයිතිය උදේසා මාධ්‍යවේදියෝ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

මෙහි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ “විරෝධය දැක්වීම ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය මෙන්ම සමාගමයේ හා සංවිධානය වීමේ අයිතිය පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි වී ඇති මූලික අයිතිවාසිකමක් බවත් මූලික අයිතිවාසිකම් මෙරට ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් බවත් අප රජයට අවධාරණය කරමු. ශ්‍රී ලංකා ජනතාවගේ පරමාධිපත්‍යය සුරැකීම ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ අත්හළ නොහැකි වගකීමක් බවත් අප රජයට සිහිපත් කරමු. මෙම තත්වය තුළ ආණ්ඩුව විසින් භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහසට, සමාගමයේ හා සංවිධානය වීමේ අයිතියට, මාධ්‍යවේදීන්ට වෘත්තිය නිදහසේ කරගෙන යාමට ඇති අයිතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට සිදු කරන බාධා කිරීම් වලදී ඊට එරෙහි වීමට අප පසුබට නොවන බවත්, ඒ සදහා පුරවැසියන් ගනු ලබන ක්‍රියාමාර්ග වලදී ඔවුන් සමග එකට සිට ගැනීමට ද අප සූදානම් බවත් ප්‍රකාශ කරමු.”

 

එම මාධ්‍ය ප්‍රකාශය පහතින්

Statement by Journalist for Rights

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Translate »
Scroll to Top