Right To Life Human Rights Center

logo-e2l
DEVELOPMENT PROTECTING RIGHTS
HOTLINE : +94 11 2669100

හම්බන්තොට වරාය පොලිසිය ගැන විමර්ශන ඇරඹේ!

හම්බන්තොට වරාය පොලිසිය විසින් දෙදරු පියෙකුට අමානුෂිකව පහර දීම සම්බන්ධයෙන් වහාම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඉකුත් ජුනි මස දිනයකදී හම්බන්තොට, බැල්ලගස්වැව පදිංචි වීරසේකර කම්කානම්ගේ තාරුක ලක්ෂාන් නම් විවාහක දෙදරු පියෙකුට පොලිසියට කැඳවා පහර දී තිබුණි. ගරාජයක් පවත්වාගෙන යන තාරුකට එරෙහිව ගමේම පදිංචිකාරියක විසින් අසත්‍ය පැමිණිල්ලක් හම්බන්තොට වරාය පොලිසියට කර තිබු අතර ඒ පැමිණිලි විමර්ශනයට තාරුක පොලිසියට ගොස් තිබුණි.

ඒ අවස්ථාවේ පැමිණිලිකාර කාන්තාව උප පොලිස් නිලධාරියෙකුට මෙම පුද්ගලයාව පෙන්වා ඇති අතර ඔහු පැමිණ මොහුට තොල පැලෙන්නට ගසා ඇත. පසුව පුටුවක් මත වාඩි කරවා ඔළුවට මුහුණට සහ ඇඟට අතින් පයින් පහරදී  ඉන්පසු පොලිස් සිරමැදිරියට දමා තිබේ.

එදින රාත්‍රියේ හා පසුදිනද පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම් වලට ලක්ව ඇති තාරුක මේ සම්බන්ධව ඔහු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා පොලිස්පතිවරයාට, ජාතික පොලිස් කොමිෂන් සභාවට, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට පැමිණිළිකර තිබුණි.

ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව හා මානව හිමිකම් කොමිෂන් සභාව මේ පිලිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත.

ශානි / තරංග

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Translate »
Scroll to Top