Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

වසංගතය, අයිතිවාසිකම් මැඩළීමට රජයට ඇති බලපත්‍රයක් නොවේ – සිවිල් සංවිධාන හා ක්‍රියාකාරීන් 127ක් රජයට කියයි

වසංගතය යනු අයිතිවාසිකම් පසෙකලා ක්‍රියාත්මක වීමට රජයට ලබාදෙන බලපත්‍රයක් නොවන බවත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් ඉවත්කර ගන්නා ලෙසත්, විරෝධය පෑමට හා අදහස් ප්‍රකාශ කිරීමට ජනතාවට ඇති අයිතිය අහිමි නොකරන ලෙසත්, රඳවාගෙන සිටින ශිෂ්‍ය නායකයන් නිදහස් කිරීමට වහා පියවර ගන්නා ලෙසත් රජයට බලකරමින් සිවිල් සංවිධාන හා පුද්ගලයින් 127ක් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. පහත දැක්වෙන්නේ ඒම සම්පුර්ණ ප්‍රකාශයයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා අධ්‍යාපනය මිලිටරිකරණයට ගන්නා උත්සාහය නතර කරන ලෙසත් විරෝධතාවන්ට නායකත්වය දුන් ක්‍රියාකාරීන් අඛණ්ඩව රඳවා තබා ගනිමින් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ නො හෙළන ලෙස පහත නම් සඳහන් සිවිල් සංවිධාන සහ පුද්ගලයන් ලෙස අප රජයට බල කර සිටියි.

“මෙරට ප්‍රජාතන්ත්‍රීය අවකාශය සුරක්ෂිත කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම, සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් සිවිල් සමාජය ලෙස අප අඛණ්ඩව පෙනී සිට ඇති අතර, සිවිල් අවකාශය මිලිටරිකරණය කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව අපගේ විරෝධය දක්වන පළමු අවස්ථාව මෙය නොවේ.”

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල (KNDU) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට ආණ්ඩු පාර්ශ්වය ගන්නා ප්‍රයත්නය, සිවිල් අවකාශය මිලිටරිකරණය වීමේ පියවරක් බව අප නිරීක්ෂණයයි. විශේෂයෙන්ම වසංගත අර්බුදයක් මධ්‍යයේ මෙවැනි පනතක් ගෙන ඒමට කඩිනම් වීමත් ඊට එරෙහිව පෙනී සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු මර්දනය කිරීමත් අප දැඩි සේ හෙළා දකිමු. තවද, මෙම පනතට එරෙහි විරෝධතාවන්ට නායකත්වය දුන් ශිෂ්‍ය නායකයන් ව්‍යාජ චෝදනා නගා සිරගත කිරීමත් වසංගත සමයක ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළමින් කටයුතු කිරීමත් සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව ද අප අවධාරණය කරමු.

මෙරට ප්‍රජාතන්ත්‍රීය අවකාශය සුරක්ෂිත කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම, සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් සිවිල් සමාජය ලෙස අප අඛණ්ඩව පෙනී සිට ඇති අතර, සිවිල් අවකාශය මිලිටරිකරණය කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව අපගේ විරෝධය දක්වන පළමු අවස්ථාව මෙය නොවේ. විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුව කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සංස්කාතික උරුමයන් ආරක්ෂා කිරීම, සෞඛ්‍ය යනාදි ක්ෂේත්‍රයන් සඳහා හමුදා ප්‍රධානීන්ගේ සහ හමුදා සමාජිකයින්ගෙන් යුතු කාර්ය සාධක බලකා පත් කිරීම ඇතුළුව හමුදාකරණය වන ප්‍රතිචාර ඉහළ යෑම සම්බන්ධව අප දිගින් දිගටම අවධානය යොමු කර ඇත්තෙමු. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා අධ්‍යාපනය මිලිටරිකරණයට ගන්නා උත්සාහයට එරෙහිව මතු වී ඇති ජනතා අරගලයට අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි සිවිල් ව්‍යාපාරය වශයෙන් අප සහය පළකරන්නේ එම අරගලයේම දිගුවක් වශයෙනි.

මෙම පනතේ අඩංගුව විමසා බැලීමේදි මෙය පැහැදිලිව සිවිල් අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමට ගන්නා තිව්‍ර උත්සාහයක් බව අප නිරීක්ෂණයයි.

කොතලාවල පනත මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සමාන බලයක් සහිත සමාන්තර මිලිටරිමය විශ්වවිද්‍යාල පද්ධතියක් නිර්මාණය වනු ඇත.

යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අනුව, ආරක්ෂක අමාත්‍යංශය සහ මිලිටරිය මගින් මුලු‍මනින්ම පාලනය කෙරෙන්නා වූ ද, 1978 විශ්වවිද්‍යාල පනතෙන් පරිබාහිරව සහ ස්වාධීනව ක්‍රියාත්මක වන්නා වූ ද විශ්වවිද්‍යාලයක් බවට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පත්වේ. ශ්‍රී ලංකාවේ දැනට තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පාලනය වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගිනි. එහෙත් යෝජිත කොතලාවල පනත මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සමාන බලයක් සහිත සමාන්තර මිලිටරිමය විශ්වවිද්‍යාල පද්ධතියක් නිර්මාණය වනු ඇත. එම විශ්වවිද්‍යාල පද්ධතිය පාලනය කරනු ලබන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ හා සන්නද්ධ හමුදාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පාලක මඩුල්ලක් විසිනි.

මෙකි මිලිටරි ව්‍යුහය තුළ, මිලිටරි විනයට සිවිල් සිසුන් සහමුලින් යටත් කරන වගන්ති මෙම පනතේ අඩංගු බව අප නිරීක්ෂණයයි. “විශ්වවිද්‍යාලය තුළ පවතින යම් තත්ත්වයක් ජාතික ආරක්ෂාවට අනතුරුදායක වීමේ නැඹුරුවක් පවතින බවට හෝ ජාතික ප්‍රතිපත්තියට අහිතකර හෝ අගතිදායක බව” හෝ නැතහොත් එම තත්ත්වය මගින් විශ්වවිද්‍යාලයේ නිසි ක්‍රියාකාරීත්වය බිඳ වැටීමේ නැඹුරුවක් ඇති බවට අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවක, “එම තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය විය හැකි යයි ඔහු විසින් සලකනු ලබන පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් පාලක මණ්ඩලයට විධානය කරනු ලැබිය හැකි ය.”

ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් තුළ ශිෂ්‍යය ක්‍රියාකාරිත්වයන්ට තිබෙන ඉඩකඩ මෙම පද්ධතිය තුළට ඇතුළත් වන සිසුන්ගෙන් සම්පුර්ණයෙන්ම අහිමි කර ඇති බව මෙමඟින් තහවුරු කරන බව අප අදහසයි.

මෙම අත්අඩංගුවට ගැනීම් බොහොමයක්, නිරෝධායන නීති උල්ලංඝනය කළේය යන ව්‍යාජ චෝදනා මත සිදුව තිබෙන බව අප නිරීක්ෂණයයි. විරෝධතාවයක් සඳහා යොදා ගත් මිනීපෙට්ටියක ආකෘතියක් ගිනි තැබීම නිසා පොදු දේපලවලට හානි කර ඇතැයි යන චෝදනාව එල්ල කරමින් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ සම්බන්ධයෙන් සිය විරෝධය පෑමට විශ්වවිද්‍යාල සිසුන් ඇතුලු මේ පිළිබඳ උනන්දු සියලු දෙනාට අයිතියක් ඇති අතර මේ සඳහා නායකත්වය දුන් විශ්වවිද්‍යාල ආචාර්යවරු, ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කිරීමේ උත්සාහයට අපගේ විරෝධය පළ කරමු. ව්‍යාජ චෝදනා නගමින් ශිෂ්‍ය ක්‍රියාකාරීන් හා ආචාර්යවරු බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම්, ප්‍රශ්න කිරීම් පිළිබඳ සිදුවීම් ගණනාවක් මේ වන විට වාර්තා වී ඇත.

අගෝස්තු 03 වැනි දා පාර්ලිමේන්තු පාරේ පැවැති උද්ඝෝෂණයට සම්බන්ධ වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අගෝස්තු 05 වැනි දා රාත්‍රියේ සිරස රූපවාහිනියේ සාකච්ඡාවකට සහභාගී වී ආපසු යමින් සිටිය දි අත්අඩංගුවට ගනු ලැබීය. තවද විරෝධතාවලට සම්බන්ධව සිටි චමීර කොස්වත්ත සහ කෝෂිලා හංසමාලි යන ශිෂ්‍ය ක්‍රියාකාරීන් ද අත්අඩංගුවට ගෙන ඇති අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප ද බලහත්කාරයෙන් රැගෙන ගොස් අත්අඩංගුවට ගෙන ඇත. පනතට එරෙහි විරෝධතාවයකට ගොස් නැවත පැමිණෙමින් සිටියදි පිරිසක් ගමන් කළ බස් රථයකට ඇතුළු වූ සිවිල් ඇඳුමෙන් සැරසුණු තැනැත්තෙකු කිසියම් අයෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධ සිදුවීමක් ද කථිකාචාර්ය අමින්ද ලක්මාල් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණි. එමෙන්ම, කොතලාවල පනතට එරෙහිව මෙන්ම ගුරු විදුහල්පති අර්බුදය තුළ ක්‍රියාකාරීව කටයුතු කරන ක්‍රියාධරයන් මර්දනය කිරීමට ගත් උත්සාහයන් කෙරෙහි ද අප අවධානය පළ කරමු.

මෙම අත්අඩංගුවට ගැනීම් බොහොමයක්, නිරෝධායන නීති උල්ලංඝනය කළේය යන ව්‍යාජ චෝදනා මත සිදුව තිබෙන බව අප නිරීක්ෂණයයි. විරෝධතාවයක් සඳහා යොදා ගත් මිනීපෙට්ටියක ආකෘතියක් ගිනි තැබීම නිසා පොදු දේපලවලට හානි කර ඇතැයි යන චෝදනාව එල්ල කරමින් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.

එලෙස බන්ධනාගාර ගත කරනු ලැබූ වසන්ත මුදලිගේ, අමිල සන්දීප සහ චමීර කොස්වත්ත යන ශිෂ්‍ය නායකයින්ට බන්ධනාගාරය තුළ දි කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව දැනගන්නට ලැබේ. බලධාරීන්ගේ මෙම වගකීම් විරහිතභාවය සහ මොවුන්ගේ ජීවිත ආරක්ෂාව අනතුරේ හෙළමින් කටයුතු කිරීමේ වගකීම රජය බාර ගත යුතුව ඇති බව අපි දැඩිව අවධාරණය කරන්නෙමු. රැඳවුම්භාරයේ සිටින්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව, ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම අවශ්‍යයෙන්ම රජයේ වගකීමකි.”

වසංගතය යනු අයිතිවාසිකම් පසෙකලා ක්‍රියාත්මක වීමට රජයට ලබාදෙන බලපත්‍රයක් නොවන බව අප දැඩිව අවධාරණය කරමු.

මේ වන විට පාර්ලිමේන්තුවට ගෙන ඒමට ප්‍රමාද කර තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් ඉවත්කර ගන්නා ලෙසත්, විරෝධය පෑමට හා අදහස් ප්‍රකාශ කිරීමට ජනතාවට ඇති අයිතිය අහිමි නොකරන ලෙසත්, රඳවාගෙන සිටින ශිෂ්‍ය නායකයන් නිදහස් කිරීමට වහා පියවර ගන්නා ලෙසත් අපි රජයට බලකර සිටිමු.

Organizations

  1. Anuradhapura District Citizen Committee
  2. Asia Lanka Social Development Cooperation
  3. Center for Community Empowerment,
  4. Centre for Human Rights and Development (CHRD)
  5. Centre for Society and Religion
  6. Civil Society Solidarity Centre
  7. Eastern Social Development Foundation (ESDF)
  8. Environment and Community Development Information Centre (ECDIC)
  9. Families Of the Disappeared
  10. Food Information Action Network- FIAN Sri Lanka
  11. Human & Environment Links Progressive Organization (HELP-O)
  12. Human Rights Office, Kandy
  13. INFORM Human Rights Documentation Centre
  14. Institute Social Development (ISD)
  15. Janawaboda Kendraya
  16. Lanka Organic Agriculture Movement  (LOAM)
  17. Law and Society Trust
  18. Lawyers for Democracy
  19. Movement for National Land and Agriculture Reform (MONLAR)
  20. Movement for Plantation Peoples’ Land Rights (MPPLR)
  21. Muslim Women’s Development Trust
  22. National convener -National Fisheries Solidarity Movement
  23. National Peace Council
  24. Organization of Environment and Children Rights Preservation OECRP
  25. Partners in Alternative Training (PALTRA)
  26. PEF Sri lanka
  27. People’s Alliance for Right to Land (PARL)
  28. RED Organization
  29. Right to Life Human Rights Centre (R2L)
  30. Rights Now Collective for Democracy
  31. Rural Development Planning Organization (RDPO)
  32. SAFE Foundation
  33. Samadana
  34. Savisthri National Womens’ Movement
  35. Social Institute for Development of Plantation Sector (SIDPS)
  36. Sri Lanka Brief
  37. Sri Lanka Nature Group
  38. St John’s Church, Uranee, Batticaloa
  39. Standup Movement Lanka
  40. University of Peradeniya
  41. Upcountry Civil Society Collective (UCSC)
  42. UPSAC Sri Lanka
  43. Uva Shakthi Foundation
  44. Vikalpa
  45. Viluthu–Centre for Human Resource Development
  46. Women Development Organization
  47. Women for Justice and Peace in Sri Lanka
  48. Women’s Action for Social Justice (WASJ) Net Work.
  49. Women’s Action Network

Individuals

  1. Anithra Varia
  2. Anushaya Collure
  3. Aruna Shantha Nonis
  4. Ashila Dandeniya
  5. Gowthaman, Attorney at law
  6. Buhary Mohamed
  7. Chaminda Piyasekara
  8. Chandra Devanarayana
  9. Chathura Walivitiya
  10. A Saman Hamangoda
  11. M. Nimal Disanayake
  12. Dinushika Dissanayake, Attorney-at-Law
  13. Jeevantha peiris
  14. Nandana Manatunga –
  15. Rohan Silva
  16. M.Sathivel
  17. Herman Kumara
  18. Ian Ferdinands
  19. A.N.N.Priyantha Fernando
  20. Jagath Siriwardana
  21. Jayani Abeysekara
  22. Jayanthi Kuru-Utumpala
  23. Jayasiri Jayasekara
  24. Jehan Jegadeesan
  25. Jehan Perera
  26. Joanne Senn
  27. Juwairiya Mohideen
  28. K,S,Ratnavale , Attorney at law
  29. Ajith Hadley Perera
  30. J. Brito Fernando
  31. W.R Wickramasinghe
  32. Lal Wijenayake
  33. Lucille Abeykoon
  34. Maithreyi Rajasingam,
  35. Marisa de Silva
  36. Harsha Jayarathna,
  37. Sukirtharaj,
  38. Nadesan Suresh
  39. Nadie Kammallaweera
  40. Nagulan Nesiah
  41. Nalini Rathnarajah
  42. Niroshan Ekanayaka
  43. Niyanthini Kadirgamar
  44. Muthulingam
  45. N.Singham
  46. Peter Rezel
  47. Philip Dissanayaka
  48. Prabodha Rathnayaka, Attorney-at-Law
  49. Arjuna Parakrama
  50. Jayadeva Uyangoda
  51. Puni Selvaratnam
  52. Raman Sanjay Gandhi
  53. Rajan Rohaan,
  54. Andrew Devadason
  55. Dr. Jayasiri Peiris
  56. Reid Shelton Fernando
  57. Ruki Fernando
  58. Ruwan Laknath Jayakody
  59. Balakrishnan
  60. Ratnajeevan H. Hoole
  61. Visvalingam
  62. C.C.Elankovan,
  63. Sandanam
  64. Sachitha Nandajith
  65. Sampath Samarakoon
  66. Sarala Emmanuel
  67. Shereen Saroor
  68. Suchith Abeyewickreme
  69. Sunanda Deshapriya
  70. Suren D. Perera,
  71. Swasthika Arulingam, Attorney-at-Law
  72. Thilak Kariyawasam
  73. Tisaranlee Gunasekara
  74. Udaya Kalupathirana
  75. Vadivel Rameshananthan,
  76. Vasuky Rajendra
  77. Viboo Balakrishnan
  78. Visakha Tillekeratne,
Translate »
Scroll to Top