Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

නීතිඥවරුන් සදහා මර්ගෝපදේශ අත්පොතක්.

පොලිස් හා රාජ්‍යමය වදහිංසාව ඉහළ යන පසුබිමක් තුළ වදහිංසා පැමිණිලි සම්බන්ධයෙන කටයුතු කරන නීතිඥවරුන් ඒ සම්බන්ධයෙන්නිසියාකාරව හා ඉක්මනින් කාර්යක්ෂමව කටයුතු කිරීම වැදගත් වී ඇත.

ඒ සදහා ඔවුන්ට සහය දැක්වීමට දීර්ඝ කාලයක් තිස්සේ වදහිංසනයට, කෲර අමානුෂික හා අවමන් සහගත සැලකිලිවලට විරුද්ධව ක්‍රියාකල රයිට්ටු ලයිෆ් සංවිධානය  නිතිඥ අර්මිසා ටිගල් මෙනවිය සමග එකව වදහිංසා නඩු සම්බඳව කටයුතු කරන නිතිඥයවරුන් වෙනුවෙන්මාර්ගොපදේශයක් සකස්කර එය එළිදැක් වීම මානව හිමිකම් උදෙසා නිතිඥයෝ එකමුතුව හා එක්ව සිදු කරන ලදි.

මෙහිදි ප්‍රධාන අදහස් දැක්වීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගෙන් ද සෙසු අදහස් දැක්වීම් නීතිඥ අර්මිසා ටීගල්, නීතිඥ ජානක එදිරිසිංහ හා නීතිඥ තනුක මාධව නන්දසිරි පැවැත්විය.

මෙහිදි පොත සම්බන්ධව අදහස් දැක්වු නිතිඥ අර්මිසා ටිගල් මෙනවිය ප්‍රකාශ කර සිටියේ ඇයට මෙම අත්පොත සකස් කිරීමට දීම පිළිබඳව ඇයසතුටු වන බවත් මෙය ඉදිරි වර්ශ තුල තවත් කරුණු ඇතුලත් දිගුවක් ලෙස දීමට බලාපොරොත්තු වන බවත් පවසා සිටියා.

ජනාධිපති නිතිඥ සාලිය පිරිස් මහතා ප්‍රකාශ කර සිටියෙ “මෙම අත් පොත නීතිඥ සංගමය තුළද නීතිඥවරු හටද භාවිතයට යොමු කරන බව ප්‍රකාශ කර සිටියේය වධහිංසාව ලංකාවෙන් තුරන් කිරීමට නම් රාජ්‍ය ආයතන තුල ස්වාධීනත්ව හා ඔවුන්ගේ ක්‍රියා වලට වගවීම යන ක්‍රියාවන් ආරම්භය හා පුහුණුවේ යෙදවිය යුතුයි. “

 

Translate »
Scroll to Top