Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

වධහිංසනයට ලක්වෙන වතු කම්කරු ප්‍රජාව

එළබෙන වධහිංසාවට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ දිනය නිමිත්තෙන් දෙණියාය මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානය විසින් “වතු කම්කරුවන් මුහුණ දෙන වධහිංසනාත්මක ගැටළු යන මාතෘකාව යටතේ පසුගිය 20 වෙනිදා සූම් තාක්ශනය ඔස්සේ සාකච්චාවක් පවත්වන ලදි.

එහිදි අදහස් දැක්වීම් කරන ලද්දේ නීතිඥ ලක්ශාන් ප්‍රනාන්දු, නීතිඥ බැසිල් ප්‍රනාන්දු, නීතිඥ දුලාන් දසනායක හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානයේ විධායක අද්‍යක්ශක පිලිප් දිසානයක මහතායි.

සූම් තාක්ශණය ඔස්සේ පවත්වනු ලැබු මෙම වැඩසටහනේදි දුලාන් දසනායක මහතා ඉතා වටිනා අදහස් කිහිපයක් එකතු කරන ලදි.

” ලංකාවේ වතු කම්කරුවන්ට මේ වනතෙක් කිසිදු සමාජ පිළිගැනීමක් ලබා දෙන්නට කිසිවෙකු කටයුතු කර නොමැති බවත් ඇඟලුම් ක්ෂේත්‍රයේ වර්තමානය වන විට එහි සේවය කරන සේවක සේවිකාවන්ට සමාජයේ පිළිගැනීමක් ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් නමුත් මෙරට වැවිලි ක්ෂේත්‍රයේ කිසිදු කම්කරුවෙකුට සමාජ පිළිගැනීමක් ලබා දීමට කිසිවෙකුත් කටයුතු කර නොමැති බව ඔහු අවධාරණය කර සිටියි. ඇතැම් විට මොවුන්ට සමාජ පිළිගැනීමක් ලබා දීම වත්තේ ආර්ථිකයට බාධාවක් විය හැකි බව වතු හාම්පුන් සිතනවා විය හැකි බවද හෙතෙම පවසයි.

පොලිස් ප්‍රචණ්ඩත්වයේදීද වැඩි වශයෙන්ම ගොදුරු වන්නේ සමාජයේ පහළ පංතිය බවත් ඊට මේ වතු කම්කරුවන් ද අයත් බව පෙන්වා දෙන ඔහු පවසන්නේ එයටද මේ සමාජ පිළිගැනීමේ ගැටලුව බලපා තිබෙන බවය.

එසේම මේ වන විට වතු කම්කරුවන්ට පොහොර හිඟය, පොලිස් ප්‍රචණ්ඩත්වය, කොවිඩ්, සාමුහික ගිවිසුම් අහෝසි කිරීම, දෛනික අත්තම/කම්කරු අත්තම අහෝසි කිරීම, මෑන් පවර් ක්‍රමය, වැටුප් ගැටලු ආදී රැසකින් පීඩා විඳින මේ වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීති, අණපනත් කොපමණ තිබුණත් ඒවා භාවිතා වන්නේ වෙනත් අරමුණු වෙනුවෙන් පමණක් බවද  දුලාන් දසනායක මහතා පවසයි.

Translate »
Scroll to Top