Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

1997 අතුරුදන් මල්ලී සොයා දෙන්න අයියා ගහට නැඟ විරෝධතාවයක

Protest against missing brother

යුද්ධ හමුදා රාජකාරියේ සිටියදී 1997 ජනවාරි 05 වැනි දින හවස 3.45 පමණ සිට ආගිය අතක් නැති තමන්ගේ සොහොයුරා ඩබ්ලිව් ඒ කරුණාරත්නට කුමක්ද උනේ? යන්න පැහැදිලි කර දෙන්න යැයි ඉල්ලා සිටිමින් ඔහුගේ සොහොයුරා ගාල්ල දුම්රිය ස්ථානයට යාබද ෆයිනස් ගසකට නැඟ අද දින (27) විරෝධතාවයක නිරතව සිටී.

මේ පිළිබඳව විමසීම සඳහා අයිතිය වෙබ් අඩවිය විරෝධතාවයේ නිරතව සිටින විශ්‍රාමික යුද්ධ හමුදා කෝප්‍රල් ඩබ්ලිව් ඒ ටියුඩර් මහතාට දූරකතනයෙන් ඇමතූ අතර එයට ප්‍රතිචාර දක්වමින් ඔහු ප්‍රකාශ කළේ තමන් තමන්ගේ සොහොයුරාට කුමක්ද උනේ යන්න දැනගැනීම සඳහා 1997 සිට අඛණ්ඩවම අරගලයක නිරත බවය.

‘තෙන්නමරන් වාඩිය, පදවිය ශ්‍රීපුර ගල්කුලම, වැලිඔය කඳවුරේ තමයි මල්ලී රාජකාරි කළේ. එදා ඩේ ඩියුටියක තමයි මල්ලී ඉඳලා තියෙන්නේ. ඒත් කඳවුරේ අණදෙන නිළධාරියා කපිතාන් සිල්වා ඇක්ෂන් එකක් ගහලා තියෙනවා මල්ලී නිමාඩු ගිහිං ආවේ නෑ කියලා. කතාව ඒක නම් මල්ලි අපි අතරේ ඉන්න ඕනෑ. අම්මයි තාත්තයි තාම කටුවන ගෙදර ඉන්නවා මල්ලි එනකම් බලාගෙන. මල්ලිට මොකද්ද උනේ? කපිතාන් සිල්වා කියන්න ඕනී ඒක.. මේක මාර අසාධාරණයක්. ඇයි මෙහෙම කරන්නේ. අපි පවුලේ සහෝදරයෝ අට දෙනෙක් යුද්ධ හමුදාවේ සහ පොලීසියේ හිටියා. හතර දෙනෙක් සහෝදරයෝ තවමත් පොලීසියේ රාජකාරි කරනවා. මමත් ක්‍රියාන්විතයේ හැමතැනකම හිටිය සෙබළෙක්. ‘

ගාල්ලේ රිච්මන්ඩ් හන්දියේ පදිංචිකරුවෙක් වන ටියුඩර් මහතා ප්‍රකාශ කරන්නේ තමන් 1997 සිට රජයෙන් හමුදාවෙන් සහ පොලීසියෙන් අහන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන තුරු ගසෙන් බහින්නට අදහසක් නැති බවය.

Translate »
Scroll to Top