Right To Life Human Rights Center

Development protecting rights අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல் Development protecting rights අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல் Development protecting rights අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

“මානව අයිතිවාසිකම් කන්නද?” – මහජන කතිකාවත

නව වසරක ආරම්භයේ වුවද රට තුල ලෝකය තුල අහන්නට දකින්නට ලැබෙන මානව හිමිකම් කඩ වීම් පිලිබඳව වන සිද්ධීන් හා ක්‍රියාවන් වලකෙලවරක් නොමැත.

රාජ්‍ය පාලනය යාන්ත්‍රනය තුලම විශාල වශයෙන් සිදුවන මෙම කඩවීම් මහජනයා හටද සමහර අවස්ථාවල සුළුපටු දෙවල් ලෙස දකින අවස්ථාවන්දනැතුවාම නොවේ. මානව හිමිකම් කඩ වීම හා ඒවාට ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳ සාකච්චාව දිගින් දිගටම රයිට් ටු ලයිෆ් මානව හිමිකම්මද්‍යාස්ථානය විසින් සිදු කරගෙන එන ලදි.

2022 වසරේ මෙහි ආරම්භක සාකච්චාවක් ලෙස මහජන රැස්වීමක් හක්මණ ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයෙදි ජනවාරි 17 වන දින පවත්වන ලදි. මෙහිදි මූලිකවම සාකච්ඡාවට ගැනුනේ හක්මන පොලිසිය විසින් වධහිංසාවට භාජනය වුන දනුශ්ක මදුරංග යන අයගෙ සිදු වීම පාදක කරගෙන ඔහ්ට සිදු වු අසාධාරනය හා ඔහෙගේ මානව හිමිකම් උල්ලංඝනය වීම තුළින් ප්‍රජාවට කෙරෙන බලපෑම පිළිබඳව සාකච්ඡා කරන ලදි.

 

මෙහිදි නිතීඥ දුලාන් දසනායක මහතා හා පිලිප් දිසානයක මහතා මානව හිමිකම් පිළිබඳව වර්ථමාන තත්වය හා එවායේ ඇති වටිනාකම පිළිබඳව අදහස් දක්වන ලදි.

    

Scroll to Top