Right To Life Human Rights Center

බන්ධනාගාර පිළිබඳව ජාතික වාර්ථාවේ පරිවර්ථනක් SLCAT එලි දක්වයි.

 

2018 වර්ශයේ අප්‍රෙල් මාසය හා සැප්තැම්බර් යන කාල වකවානුව තුල එවකට පැවති මානව හිමිකම් කොමිසම තුළින් ලංකාවේ බන්ධනාගාර හා රැදවියන් පිළිබඳව අද්‍යනයක් සිදු කරන ලදි. මෙහිදි ඔවුන්ගේ බන්ධනාගාර ඇතුලත ජිවන තත්වය, සනීපරක්ශාව, මානුශිය ගණුදෙනු, අහාර පාන යනාදිය හා සිරකරුවකු සපුරාලිය යුතු අවශ්‍යතා හා අයිතිවාසිකම් පිළිබඳව දත්ත එකතු කිරීමක් හා එවාට අදාලව නිර්දේශයන් ඉදිරිපත් කිරීමක් මෙම අධ්‍යන වාර්ථාව මගින් ලබා දි ඇත.

 

මානව හිමිකම් කොමිසම විසින් මෙය ඉංග්‍රිසි භාෂාවෙන් සකස් කර ඇති අතර වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් එහි දෙමළ හා සිංහල පරිවර්ථනයන් සිදු කර එළිදැක්වීම ජනවාරි 25 දින කොළබ රේනුකා හෝටලයේදි පවත්වන ලදි.

මෙහිදි මෙම ග්‍රන්ථය එලි දැක්වීමට අදාලව එය සැකසීමට පැවති මානව හිමිකම් කොමිසම නියෝජනය කරමින් හිටපු කොමසාරිස්වරියක් වන නිතීඥ අමිබිකා සත්කුනනාදන් මෙනවියද ආචාර්‍ය නිමල්කා ප්‍රනාන්දු මහත්මියද සම්බන්ධ විය.

අධ්‍යන වාර්ථාව පිළිබඳව අදහස් දක්වමින් නීතිඥ අමිබිකා සත්කුනනාදන් මෙනවිය ප්‍රකාශ කර සිටියේ පුද්ගලයකු සිරගෙදරට ඇතුලු වු අවස්ථාවේ පටන් සිදු විය යුතු වෙනස්කම් අධ්‍යනයේ නිර්දේය තුළ ඇතුලත් කර ඇති බවත් . විශේෂයෙන් කාන්තාවන් පිළිබඳව. අපි අපරාධ යුක්තිය පිළිබඳව පවතින ක්‍රියාපටිපාටිය වෙනස් කරන්නෙ කොහොමද මෙහි සිටින බොහො අය අඩු ආදයම් ලාබි මිනිස්සු.  වැඩි පිරිසක් ඉන්නෙ දඩමුදල් ගෙවා ගත නොහැකිව සිටින පිරිස හා මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූව න්. මේ වන විට සිරගෙවල් වල සිටින ප්‍රමාණය සමාන්‍ය ධාරිතාවයට වඩා වැඩි. ඔවුන්සමාජ ගත වද්දි සිදුවන ගැටළු පිළිබඳවත් ඇය වැඩිදුර අදහස් දැක්විය.

Scroll to Top