Right To Life Human Rights Center

Development protecting rights අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல் Development protecting rights අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல் Development protecting rights අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

මාධ්‍යවේදීන්ට එල්ල කල ප්‍රහාරය තරයේ හෙලා දකිමු – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

ඊයේ දින (17) පැවති පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී මන්ත්‍රීවරුන් පිටතට පැමිණෙමින් සිටියදී එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දී ඔවුන්ගේ ජංගම දුරකථන පැහැරගෙන ඇතැයි වාර්තා විය.

මෙසේ පාර්ලිමේන්තුවේදී පහරකෑමට ලක්වී ඇත්තේ, ප්‍රගීත් පෙරේරා සහ කසුන් සමරවීර යන මාධ්‍යවේදීන් ‌දෙදෙනාය.

ඔවුන්ට පහර දී ඇත්තේ අම්පාරේ ඩී. වීරසිංහ සහ ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන් දෙදෙනා බව දැනගන්නට ලැබෙන අතර මෙහිදී මෙම මන්ත්‍රීවරුන් ‘උබලා තමයි මේ රට ගිනි තිබ්බේ’ යනුවෙන් මාධ්‍යවේදීන්හට මරණීය තර්ජන එල්ලකර ඇත. මේ පිළිබඳව අදාළ මාධ්‍යවේදීන් දෙදෙනා පොලීසියට පැමිණිලි කර ඇත.

මෙයට අප්‍රසාදය පල කරමින් හා අධිකරණයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

Media Statement – Journalists for Rights

Scroll to Top