Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Sinhala News

අමානුෂික ක්‍රියා වලින් පීඩාවට පත්ව සිටින ලාංකීක ජනතාවට සහන දෙන්නැයි මෙරට සංවිධානයක් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි!

අමානුෂික ක්‍රියා වලින් පීඩාවට පත්ව සිටින ලාංකීක ජනතාවට සහන දෙන්නැයි මෙරට සංවිධානයක් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි!

මුලික මානුෂිය මුලධර්මයන්ට එරෙහිව යන ප්‍රතිපාදන වලින් සමන්විත  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් බැටකන ශ්‍රී ලාංකියන් පිරිසකට සහන ලබා දීමට මැදිහත් වන්නැයි  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ වෙත ලිපියක් යොමු කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉල්ලා ඇත්තේ  සැප්තැම්බර්  13 වැනි දින  ආරම්භ  වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්  …

අමානුෂික ක්‍රියා වලින් පීඩාවට පත්ව සිටින ලාංකීක ජනතාවට සහන දෙන්නැයි මෙරට සංවිධානයක් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි! Read More »

අතුරුදහන්කරවීම් වාර්තා නොවු සිව් වසරක්...

අතුරුදහන්කරවීම් වාර්තා නොවු සිව් වසරක් – පිලිප් දිසානායක

සියළුම ආකාරයේ අතුරුදහන්කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය අගෝස්තු 30ට යෙදී තිබුනි. මිනිසුන් අතුරුදහන්කරවීම් සම්බන්ධව වාර්තා පිට වාර්තා තැබූ රටක් ලෙස ඉතිහාසගත වී තිබූ ශ්‍රී ලංකාවේ පසුගිය සිව් වසර තුළ කිසිදු අතුරුදහන්කරවීමක් නිල වශයෙන් වාර්තා නොවීම ‌‌ෛඑතිහාසික වැදගත්කමකින් යුතු සිද්ධියක් ලෙස සැලකිය යුතුය. නමුත් මේ කාලය තුළ පැහැර ගැනීම් කිහිපයක් වාර්තා වූ නමුත්, පසුව ඔවුන් අත්අඩංගුවට ගත් …

අතුරුදහන්කරවීම් වාර්තා නොවු සිව් වසරක් – පිලිප් දිසානායක Read More »

හදිසි නීතිය වැඩ කරන ජනතාවට එල්ලවුණු විශාලම මර්දනීය ලියවිල්ලක් – කම්කරු අරගල මධ්‍යස්ථානය

හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය වැඩ කරන ජනතාවට මරන වරෙන්තුවක් බවත් , සූරා කන්නන්ට පෙම්හසුනක් බවත් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්, දුමින්ද නාගමුව මහතා පවසයි. ඒ් මහතා පවසන්නේ  හදිසි නීතිය ක්‍රියාත්මක කර බඩු මිල පාලනයට මැදිහත් වනවා යයි කියමින් පසුගිය අගෝස්තු තිස් වෙනිදා නිකුත් කල අති විශේෂ ගැසට් නිවේදනය හරහා මේ රටේ වැඩකරන ජනතාවගේ …

හදිසි නීතිය වැඩ කරන ජනතාවට එල්ලවුණු විශාලම මර්දනීය ලියවිල්ලක් – කම්කරු අරගල මධ්‍යස්ථානය Read More »

මානව හිමිකම් නොරැක්කොත් ඇඟලුම් කර්මාන්තයට කෝටි ගාණක පාඩුවක්

මානව හිමිකම් නොරැක්කොත් ඇඟලුම් කර්මාන්තයට කෝටි ගාණක පාඩුවක්

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වී ඇති පරිදි මර්දන අණපනත් අහෝසි කොට යුද අපරාධ සම්බන්ධයෙන් වගකිවයුත්තන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් රටේ දෙවැනියට විදේශ විනිමය උපදවන ක්ෂේත්‍රය අනතුරේ වැටීමේ අවදානමක් මතුවී තිබේ. දිවයිනේ ප්‍රධාන අපනයන කරුවන් පෙන්වා දෙන්නේ යුරෝපා වෙළෙඳපොළට පහසුවෙන් ඇතුළුවීමට ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන තීරුබදු සහනය අහිමි වී ගියහොත් ඇඟලුම් ක්ෂේත්‍රයේ පමණක් අපේක්ෂිත …

මානව හිමිකම් නොරැක්කොත් ඇඟලුම් කර්මාන්තයට කෝටි ගාණක පාඩුවක් Read More »

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට එරෙහි උතුරේ නිවෙස් තුල විරෝධතාවක්!

දොළොස් වසරකට ඉහතදී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද  සිය  සමීපතමයන් වෙනුවෙන් යුක්තිය  ඉල්ලා උතුරේ මව්වරුන් අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර දිනයේදී විරෝධතා දක්වා තිබේ. මාරාන්තික වසංගතය පාලනය සදහා රජය විසින්  මුළු දිවයිනම අගුලා ලා තිබීම හේතුවෙන්  මුලතිව් දිස්ත්‍රික්කයේ මව්වරුන් සිය නිවෙස් තුළ ඊයේ ( 30)  දිනයේ විරෝධතා දියත් කර ඇත. සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් වසර ගණනාවක් …

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට එරෙහි උතුරේ නිවෙස් තුල විරෝධතාවක්! Read More »

රජුන් තනන්නාගේ හදිසි වියෝව

රජුන් තනන්නාගේ හදිසි වියෝව – පිලිප් දිසානායක

කොවිඩ් රෝගයේ තිබෙන අති බිහිසුණු බව නැවතත් අපට පසක් කරමින් අපි කවුරුවත් බලාපොරොත්තු නොවු මොහොතක මංගල සමරවීරත් කොවිඩ් මාරයා විසින් රැගෙන ගියේය. ඉතා ළග ඇසුරක් නොතිබුනත් මංගල මගේ දේශපාලන යහළුවෙක් ලෙස මා සැලකුවේය. විවිධ අවස්ථාවල විශේෂයෙන් ඔහු ඇමතිකම් දරන අවධිවල දී අපි අවුරුදු ගනන් මුණනොගැසී කතා නොකර සිටියත්, අපි අතර තිබූ ඒ මිත්‍රත්වයේ අඩුවක් වුයේ …

රජුන් තනන්නාගේ හදිසි වියෝව – පිලිප් දිසානායක Read More »

පොලීසීයෙන් ඔබට ගැහුවෝත් බලාගෙනයී , පොලීසීයට වැඩ වරදීනවාමයී – නීතිඥ ලක්ශාන් ඩයස්

රටේ අලුත්ම නීතීය , පොලීසීය , ජනතාවට ගැහුවෝත් , වැඩ වරදී , පොලිස් නිලධාරීන් හිරේ, රස්සා නැතීවෙනවා , ජනතාවට වන්දී……… පොලීසීයේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත ඒ ගැන සුවීශේෂී සංශෝධන පනතක් 2021 ජූලී මස 15 දීන කථානායක අත්සන යෙදීමේන් ලංකා නීතීයේ කොටසක් බවට පත්වීය. වර්ථමාන අධීකරන ඇමතීතුමා වන අලී සබ්රී මැතීතුමාට ඒ ගැන …

පොලීසීයෙන් ඔබට ගැහුවෝත් බලාගෙනයී , පොලීසීයට වැඩ වරදීනවාමයී – නීතිඥ ලක්ශාන් ඩයස් Read More »

පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවෙකු මිය යයි!

මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හදිසියේම මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ අංක – 49, යටදොල පදිංචිව සිටි බෙල්ලනගම විදානගේ ධනුක සාලිය නම් හතලිස් හැවිරිදි පුද්ගලයෙකි. මතුගම පොලිසිය විසින් ඊයේ (22) දින කසිප්පු චෝදනාවක් සම්බන්ධයෙන් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන එද්දී අසනීප වී ඇත. ඔහුගේ මුඛයෙන් සෙම පිට වීම නිසා වහාම ඔහුව …

පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවෙකු මිය යයි! Read More »

ගත වු මාස 08 ට පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයින් 07 ක් මරුට!

පොලිස් අත්අඩංගුවට පත් වන සැකකරුවන් හා අත්අඩංගුවට ගැනීමට යන සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසීය ක්‍රියා කරන්නේ ඉතාම නොසැලකිලිමත් අයුරිනි. ඊට ආසන්නතම නිදසුන වුයේ කාන්තවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කෑ බවට ලැබුණු තොරතුරක් මත සුරියවැව පොලිසීය විසින් යතුරුපැදියක් හඹා ගොස් එහි සිටි පුද්ගලයින් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කිරීමය. එහිදී මිය ගොස් තිබුණේ අම්ලන්තොට, කොග්ගල්ල පදිංචි වික්‍රමගේ වසන්ත …

ගත වු මාස 08 ට පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයින් 07 ක් මරුට! Read More »

කොවිඩ් වසංගතයත් සමඟ ළමා අපයෝජන ඉහළට !

සුහුරු ජංගම දුරකථන පරිහරණයත් සමග කොරෝනා වසංගත සමයේ  උතුරු මැද පළාතේ බාල වයස්කාර දැරියන් පෙම්වතුන් සමග පැනයාමේ සිද්ධීන් ඇතුළු ළමයින් ට සිදුවන අපයෝජන  හා  හිංසාවන් ඉහළ ගොස් ඇතැයි  පොලිස් කාන්තා හා ළමා කාර්යංශය සහ පරිවාස දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. ගත වූ මාස 7 තුළ පමණක් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් පෙම්වතා සමග රහසින් පලා යාම,ළමා අපයෝජන ඇතුළු ළමා …

කොවිඩ් වසංගතයත් සමඟ ළමා අපයෝජන ඉහළට ! Read More »

වසංගත දෙකකට මැදි වූ ශ්‍රී ලංකාව

කොරොනා වසංගතය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඉතා සීග්‍රයෙන් පැතිරෙමින් තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, විෂේශඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ඇතුළු වෛද්‍ය සංගම් ද, හෙද නිළධාරීන්ගේ සංගම් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය අංශයේ විවිධ වෘත්තිකයින්ගේ සංගම් ඒක හඩින් පවසන්නේ මේ තත්ත්වය තව දුරටත් පැවතුනහොත් ඉදිරි දින කිහිපය තුළ දී ශ්‍රී ලංකාව විශාලා මහනුවරක් විය …

වසංගත දෙකකට මැදි වූ ශ්‍රී ලංකාව Read More »

අපිට හරියන රාජ්‍ය ක්‍රමය අභියස

අපිට හරියන රාජ්‍ය ක්‍රමය අභියස – පිලිප් දිසානායක

අපි ලෝක වාර්තාවක් තැබීමට ආසන්නම ස්ථානයකට පැමිණෙමින් සිටිමු. ඒ මේ දිනවල ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියෙන් නම් නොවේ. මේ වාර්තාව පිහිටුවන්නට යන්නේ කොවිඩ් වැක්සින් කරණයෙනි. මේ දිනවල පැය 24 පුරාම ක්‍රියාත්මක මධ්‍යස්ථාන මගින් දිනකට ලක්ෂය ඉක්මවා යන පිරිසකට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව වාර්තා වේ. දුම් මුට්ටි, පැන් කළගෙඩි හා විවිධ පැණි බීමට පුරුදු වී …

අපිට හරියන රාජ්‍ය ක්‍රමය අභියස – පිලිප් දිසානායක Read More »

Translate »
Scroll to Top