Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Sinhala News

කොටවිල පොලිස් OIC ක්‍රිකට් විකට් කූරකින් සැකකරුවෙකුට පහර දෙයි!

මාතර, කොටවිල ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොටවිල පොලිසිය විසින් වදහිංසනයට  ලක් කොට පහර දී දකුණු උරහිසට හානි කළ බවට  ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ වරකපිටිය, සුල්තානගෛාඩ පදිංචි එච්.ජී.ධර්මබන්දු නම් අයෙකි. ඔහු පවසනා පරිදි පහුගිය ජුලි 31 දා රාත්‍රියේදි යාබද නිවසේ සිටින සුමිත් හා ඔහුගේ පුතු ධර්මබන්දුගේ …

කොටවිල පොලිස් OIC ක්‍රිකට් විකට් කූරකින් සැකකරුවෙකුට පහර දෙයි! Read More »

නඩු පමාව ආර්ථික කඩා වැටීමට හේතු වූ ආකාරය – බැසිල් ප්‍රනාන්දු

ලංකාවේ අද කවුරුත් කතා කරන ප‍්‍රශ්ණය නම් වෙන කොයිම කාලයකවත් සිදු වූවාට වඩා රටේ ආර්ථිකය විශාල අගාධයකට වැටෙමින් පවතින බවය. එය ප‍්‍රකාශයට පත් කරන්නේ එක් අතකින් විදේශ විනිමය පිළිබද ඉතා බරපතල ගැටලුවක් ලෙසය. භාණ්ඩාගාරයේ මුදල් සංචිතය පවා ඉතාමත් පහලට වැටෙන තත්වයක් උදාවී  ඇති බව රජය මෙන්ම විරුද්ධ පක්ෂයද, ආර්ථික විද්‍යාඥයෝද එකසේ කියා සිටී. ණය වාරිකයන් …

නඩු පමාව ආර්ථික කඩා වැටීමට හේතු වූ ආකාරය – බැසිල් ප්‍රනාන්දු Read More »

චදික් ෂාමන් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක්

2017 පෙබරවාරි 25 වන දින පෑලියගොඩ පොලිසියේ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් පහරදීමක් නිසා මිය ගිය කඩුවෙල ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂාමන් (42) නැමැත්තාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නිගමනය කරමින් රුපියල් ලක්ෂ 10ක වන්දියක් පෙත්සම්කාර පාර්ශවය වෙත ප්‍රධානය කිරීමට අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබීය දෙදරු පියෙක් වන චදික් ෂාමන් මහතා 2017 පෙබරවාරි 25 වන දින අළුයම 04.00ට පමණ ඔහුගේ නිවසට පැමිණි සිවිල් ඇඳුමින් සැරසුනු පෑලියගොඩ පොලිස් ස්ථානයේ …

චදික් ෂාමන් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් Read More »

හම්බන්තොට වරාය පොලිසිය ගැන විමර්ශන ඇරඹේ!

හම්බන්තොට වරාය පොලිසිය විසින් දෙදරු පියෙකුට අමානුෂිකව පහර දීම සම්බන්ධයෙන් වහාම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඉකුත් ජුනි මස දිනයකදී හම්බන්තොට, බැල්ලගස්වැව පදිංචි වීරසේකර කම්කානම්ගේ තාරුක ලක්ෂාන් නම් විවාහක දෙදරු පියෙකුට පොලිසියට කැඳවා පහර දී තිබුණි. ගරාජයක් පවත්වාගෙන යන තාරුකට එරෙහිව ගමේම පදිංචිකාරියක විසින් අසත්‍ය …

හම්බන්තොට වරාය පොලිසිය ගැන විමර්ශන ඇරඹේ! Read More »

පොලිස් හිංසන දරාගත නොහැකිව පවුල පිටින්ම පොලිසීය ඉදිරිපිට විරෝධතාවයක!

දොලොස් වසරක කාලයක් තිස්සේ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන්ගේ තාඩන පීඩන නිසා තමන්ට දරු පවුලට නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය උල්ලංඝණය වී ඇති බව පවසමින් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය ඉදිරිපිට සිය දරු පවුල සමගින් අද  (1දා) උදෑසන විරෝධතාවක නිරත වූහ. අනුරාධපුර පොලිස් වසමේ ශ්‍රාවස්තිපුර සින්නික්කුලම ලිපිනයේ පදිංචි හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ව්‍යාපාරිකයෙකු වූ දැනට ඉංග්‍රීසි ගුරුවරයෙකු …

පොලිස් හිංසන දරාගත නොහැකිව පවුල පිටින්ම පොලිසීය ඉදිරිපිට විරෝධතාවයක! Read More »

කන්දකැටිය නඩු තීන්දුව හා පොලිස් අත්අඩංගුවේ සිටියදී දිගින් දිගටම සිදුවන ඝාතන

2014 මැයි 07 දින 17 වියැති සදුන් මාලිංග හා තවත් සිව් දෙනෙකුට පොලීසිය විසින් පහරදී, ඔවූන් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය පොලිස් ස්ථානය තුල අත්අඩංගුවේ රදවා ගන්නා ලදී. පසු දින පාන්දර 2:30 ට පමණ සදුන්ගේ මව පොලිස් ස්ථානය වෙත පැමිණි විට තමාට පපුවේ කැක්කුමක් පවතින බව සදුන් දැනුම් දෙන ලද අතර සදුන්ගේ මව විසින් සිය පුතු රෝහල් …

කන්දකැටිය නඩු තීන්දුව හා පොලිස් අත්අඩංගුවේ සිටියදී දිගින් දිගටම සිදුවන ඝාතන Read More »

පොලිස්පතිට ලියුමක් – වසංගතයේ හිංසනය වැඩි වීම පිළිබඳව SLCAT අවධානය.

රජයේ බලධරයන් විසින් බලය අවභාවිතා කිරීමේදී සමාජයේ දුර්වල සහ අසරණ ජනතාවට විරුද්ධව පමණක් නීතිය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කිරීම රජය හා පොලිසිය වැනි රජයේ ආයතන කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය දිගින් දිගටම පළුදු කරවන්නක් බව වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව පවසයි. ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ අත්තනෝමතික ලෙස අත්අඩංගුවේ රඳවා …

පොලිස්පතිට ලියුමක් – වසංගතයේ හිංසනය වැඩි වීම පිළිබඳව SLCAT අවධානය. Read More »

වසංගත තත්වයක් තුළත් හිංසාවන්වල වැඩි වීමක්.

වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකීය එකමුතුව විසින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ වසංගත තත්වයක් තුළ වුවද ලංකාවේ පොලිසිය ඇතුතුව රාජ්‍ය යාන්ත්‍රණය තුළ වධහිංසාවන් වැඩි ඇතැයි කියාය. මෙම මාධ්‍ය නිවේදනය තුලින් හිංසාවට පාත්‍රවන කොට්ඨාශයන් හා මූලික මානව අයිතිවාසිකම් කඩ කරමින් අනපනත් භාවිතා කරන් ආකාරය පිළිබඳව වැඩි දුර විස්තර සඳහන් කර ඇත. එම මාධ්‍ය ප්‍රකාශය සිංහල හා …

වසංගත තත්වයක් තුළත් හිංසාවන්වල වැඩි වීමක්. Read More »

දෙදරු පියෙකුට හම්බන්තොට පොලිසියෙන් පොලිස් පහර දීමක්

හම්බන්තොට, බැල්ලගස්වැව ග්‍රාම නිළධාරි වසමට අයත්, නන්දමිත්‍ර ගම්මානයේ, අංක 03 දරණ ලිපිණයේ පදිංචි වීරසේකර කම්කානම්ගේ තාරුක ලක්ෂාන්, විවාහක දෙදරු පියෙකි. ඔහු සිය ජීවිකාව සපයා ගැනීමට ගරාජයක් පවත්වාගෙන යයි. එම ගම්මානයේම  පදිංචිකාරියක වන, තමරා කෞෂල්‍ය විසින් තාරුක ලක්ෂාන් ඇතුළු තිදෙනකු විසින් පසුගිය දිනක තමාහට බැන තර්ජනය කල බවට හම්බන්තොට වරාය පොලීසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබේ. …

දෙදරු පියෙකුට හම්බන්තොට පොලිසියෙන් පොලිස් පහර දීමක් Read More »

GSP+ නැතිවීමේ අවදානම හමුවේ ත්‍රස්ත නීති වෙනස් කිරීමට සැලසුම්!

බදු නොගෙවා යුරෝපා වෙළඳපොලේ භාණ්ඩ අලෙවියට GSP+ සහනය හරහා ශ්‍රී ලංකාවට ලබාදී තිබූ වාසිදායක තත්වය අහිමි වීමේ අනතුරක් මතුවීමත් සමග ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනයට ඇති සුදානම රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. “යුරෝපා සංගමය වෙත සන්නිවේදනය කොට ඇති පරිදි, රජය සිය බැඳීම්වලට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීමේ ක්‍රියාවලියක යෙදී සිටී. මෙම ප්‍රයත්නය …

GSP+ නැතිවීමේ අවදානම හමුවේ ත්‍රස්ත නීති වෙනස් කිරීමට සැලසුම්! Read More »

ශානි යනු කවුද?

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (ජුනි 16) නියම කළේය. ශ්‍රී ලංකාවේ කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ සෞඛ්‍ය තත්ත්වය නොසලකා ඇප නොදී මාස දහයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතකර …

ශානි යනු කවුද? Read More »

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු අයිතිවාසිකම්වලට අත නොතබනු – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු අයිතිවාසිකම්වලට අත නොතබන ලෙස අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය රජයට දන්වා සිටියි. එසේම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් නිසි පරිදි තොරතුරු සන්නිවේදනයේ යෙදෙන හා අදහස් පළ කරන සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් හා මාධ්‍යවේදීන් දිරි ගැන්වෙන ලෙස කටයුතු කිරීමට වගකිව යුතු රජයක් ලෙස කටයුතු කරන ලෙසද ඔවුන් …

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු අයිතිවාසිකම්වලට අත නොතබනු – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ Read More »

Translate »
Scroll to Top