Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Sinhala News

පාරමී සහ රාහුල් සිදුවීම්, අඟවන්නේ කුමක් ද?

  නුග සෙවන, රිවිදින අරුණැල්ල, සුසර දැහැන, චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් හි නිවේදිකාවක් ලෙස ජාතික රූපවාහිනි ආයතනයේ සේවය කළ පාරමී රණසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව, පාරමී රණසිංහ සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශ කරන්නීය. මෙම සේවය අත්හිටුවීමට හේතුව ලෙස ඇය එහිදී සඳහන් කරන්නී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා …

පාරමී සහ රාහුල් සිදුවීම්, අඟවන්නේ කුමක් ද? Read More »

අම්බිකා ගැන විදේශ අමත්‍යංශයේ ප්‍රථිචාර සිවිල් සංවිධාන හෙලා දකී

  අම්බිකා සත්කුනනාදන් මෙනවිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිචාරය හෙලාදකිමින්, සිවිල් ක්‍රියාකාරීන් 161, සංවිධාන 47ක් සහයෝගීතා ප්‍රකාශනයක් නිකුත් කළේය. සම්පූර්ණ ප්‍රකාශනය මානව හිමිකම් පිළිබඳ නීතීඥවරියක, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියක සහ නීලන් තිරුචෙල්වම් භාරයේ සභාපතිනිය වන අම්බිකා සත්කුනනාදන් මහත්මිය විසින් 2022 ජනවාරි 27 වැනි දින යුරෝපීය …

අම්බිකා ගැන විදේශ අමත්‍යංශයේ ප්‍රථිචාර සිවිල් සංවිධාන හෙලා දකී Read More »

වසරකට පසු මහර ඝාතනය පිළිබඳව විමර්ශනයක්

මහර සිරගෙදර තුළ  සිදු කරන ලද සමූලඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවුරුද්දකට වැඩි කාලයකට පසු  විමර්ශන ආරම්භ කර තිබේ. 2020 වසරේ නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 යන දිනවල මහර බන්ධනාගාරයේ හටගත් ගැටුම්කාරී තත්වය හමුවේ සිරකරුවන් එකොලොස් දෙනෙකු වෙඩි තබා මරා දැමූ බවට චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් වෙතයි. විමර්ශනය සදහා අවශ්‍ය …

වසරකට පසු මහර ඝාතනය පිළිබඳව විමර්ශනයක් Read More »

නීතිඥවරුන් සදහා මර්ගෝපදේශ අත්පොතක්.

පොලිස් හා රාජ්‍යමය වදහිංසාව ඉහළ යන පසුබිමක් තුළ වදහිංසා පැමිණිලි සම්බන්ධයෙන කටයුතු කරන නීතිඥවරුන් ඒ සම්බන්ධයෙන්නිසියාකාරව හා ඉක්මනින් කාර්යක්ෂමව කටයුතු කිරීම වැදගත් වී ඇත. ඒ සදහා ඔවුන්ට සහය දැක්වීමට දීර්ඝ කාලයක් තිස්සේ වදහිංසනයට, කෲර අමානුෂික හා අවමන් සහගත සැලකිලිවලට විරුද්ධව ක්‍රියාකල රයිට්ටු ලයිෆ් සංවිධානය  නිතිඥ අර්මිසා ටිගල් මෙනවිය සමග එකව වදහිංසා නඩු සම්බඳව කටයුතු කරන නිතිඥයවරුන් …

නීතිඥවරුන් සදහා මර්ගෝපදේශ අත්පොතක්. Read More »

බන්ධනාගාර පිළිබඳව ජාතික වාර්ථාවේ පරිවර්ථනක් SLCAT එලි දක්වයි.

  2018 වර්ශයේ අප්‍රෙල් මාසය හා සැප්තැම්බර් යන කාල වකවානුව තුල එවකට පැවති මානව හිමිකම් කොමිසම තුළින් ලංකාවේ බන්ධනාගාර හා රැදවියන් පිළිබඳව අද්‍යනයක් සිදු කරන ලදි. මෙහිදි ඔවුන්ගේ බන්ධනාගාර ඇතුලත ජිවන තත්වය, සනීපරක්ශාව, මානුශිය ගණුදෙනු, අහාර පාන යනාදිය හා සිරකරුවකු සපුරාලිය යුතු අවශ්‍යතා හා අයිතිවාසිකම් පිළිබඳව දත්ත එකතු කිරීමක් හා එවාට අදාලව නිර්දේශයන් ඉදිරිපත් කිරීමක් …

බන්ධනාගාර පිළිබඳව ජාතික වාර්ථාවේ පරිවර්ථනක් SLCAT එලි දක්වයි. Read More »

මගේ තාත්තට, ජේලර්ලා ගහලා මරලා දාලා

‘මගේ තාත්තා ඇඹිලිපිටිය, කඳුරුගස් ආර එළිමහන් සිර කඳවුරේ තමයි රඳවලා හිටියේ. ඒ කඳවුරේ ඉඳලා තාත්තා මට ජේලර් මහත්වරුන්ගේ දූරකථනවලින් නිතරම කථා කලා. ඊට පස්සේ ඒ මහත්තුරු මට රෑට කතාකරලා එක එක අයුතු යෝජනා කළා. මට තාත්තා 2022. 01. 10  වනදා අංක 070-5882314 දූරකතනයෙන් කථා කළ වෙලාවේ මං තාත්තට ඒගැන කීවා. මීටපස්සේ මට ජේලර් මහත්වරුන්ගේ පෝන්වලින් …

මගේ තාත්තට, ජේලර්ලා ගහලා මරලා දාලා Read More »

සීඅයිඩීයෙන් පැන්න කාන්තාව 5වෙනි තට්ටුවට යැව්වේ කවුද?

මූල්‍ය අපරාදයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සීඅයිඩීයේ පස්වෙනි මහලෙන් බිමට පැන සියදිවි නසාගත් කාන්තාව එම මහලේ රඳවන්නට උපදෙස් ලබාදුන්නේ මොන උසස් පොලිස් නිළධාරියාදැයි ප්‍රශ්නයක් බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. අපරාදයක් සම්බන්ධයෙන් යම් සැකකරුවෙක් සීඅයිඩීය අත්අඩංගුවට ගත්විට සාමාන්‍යයෙන් රඳවා තබන්නේ 4වෙනි තට්ටුවේය. ඉඩකඩ සීමිත අවස්ථාවලදී පමණක් වෙනත් ස්ථානයක රඳවන අතර ඊයේ දිනයේ ඉඩකඩ තිබියදී පස්වෙනි තට්ටුවේ …

සීඅයිඩීයෙන් පැන්න කාන්තාව 5වෙනි තට්ටුවට යැව්වේ කවුද? Read More »

“සම්මුතීන් කඩදාසි වලට සීමා කරන්න එපා” ජාත්‍යන්තර කම්කරු සංවිධාන රජයෙන් ඉල්ලයි!

  කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ  සම්මුතීන් කඩදාසි වලට පමණක් සිමා නොකරන ලෙස ජාත්‍යන්තර වෘත්තීය සමිතියක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා වෙත ලිපියක් යොමු කරන IndustriALL ජාත්‍යන්තර වෘත්තීය සමිතිය අවධානය යොමු කොට  ඇත්තේ වතුපිටිවල නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ජාත්‍යන්තර වෙළෙඳපලට අත්වැසුම් අපනයනය කරන ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ATG …

“සම්මුතීන් කඩදාසි වලට සීමා කරන්න එපා” ජාත්‍යන්තර කම්කරු සංවිධාන රජයෙන් ඉල්ලයි! Read More »

1997 අතුරුදන් මල්ලී සොයා දෙන්න අයියා ගහට නැඟ විරෝධතාවයක

යුද්ධ හමුදා රාජකාරියේ සිටියදී 1997 ජනවාරි 05 වැනි දින හවස 3.45 පමණ සිට ආගිය අතක් නැති තමන්ගේ සොහොයුරා ඩබ්ලිව් ඒ කරුණාරත්නට කුමක්ද උනේ? යන්න පැහැදිලි කර දෙන්න යැයි ඉල්ලා සිටිමින් ඔහුගේ සොහොයුරා ගාල්ල දුම්රිය ස්ථානයට යාබද ෆයිනස් ගසකට නැඟ අද දින (27) විරෝධතාවයක නිරතව සිටී. මේ පිළිබඳව විමසීම සඳහා අයිතිය වෙබ් අඩවිය විරෝධතාවයේ නිරතව සිටින …

1997 අතුරුදන් මල්ලී සොයා දෙන්න අයියා ගහට නැඟ විරෝධතාවයක Read More »

එස්කුවෙල් කම්කරුවන් දින දහයක වර්ජනයෙන් ජය ගනී.

දිනෙන් දින ඉහල යන ජීවන වියදම හමුවේ, ජීවත්වීමට දුෂ්කර නිසා  තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා දින දහයක  අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවූ පෞද්ගලික අංශ කම්කරුවන් පිරිසක් තම ඉල්ලීම් දිනාගෙන තිබේ. වැඩ වර්ජනයේ නිරත වූ  ජා-ඇළ එස්කුවෙල් ලංකා  කම්කරුවන්ගේ වැටුප රුපියල් 1750 කින් වැඩි කිරීමටත්, පැමිණීමේ දීමනාව රුපියල් 2500 ක් ලබා දීමටත් පාලකයන් එකඟ වූ බව …

එස්කුවෙල් කම්කරුවන් දින දහයක වර්ජනයෙන් ජය ගනී. Read More »

“මානව හිමිකම් පිරිහීම ආර්ථික අර්බුධය දැඩි කරයි!”

73වන මානව හිමිකම් දින සැමරුම මෙවර රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානය විසින් අද දින පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇත. මේහිදි අදහස් දැක්වීමට මහාචාර්‍ය රොහාන් සමරජීව මහතා, පැස්‍රල් ආයතනය හි අද්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි, නීතිඥ ප්‍රබෝධ රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න සහා නීතිඥ දුලාන් දසනායක මේ සඳහා සහබාගි වේ.

“හෙලා දැකීමේ දිනය” ප්‍රියන්ත වෙනුවෙන්

ශ්‍රී ලාංකික ප්‍රියන්ත දියවඩන දේව අපහාස චෝදනා නගා ම්ලේච්ඡ ලෙස කල්ලි ගැසී ඝාතනය කිරීම  “ඉස්ලාම් විරෝධී”  කටයුත්තක් සහ “නීතියෙන් පරිබාහිර ඝාතනයක්” ලෙස හෙළා දකින පකිස්තානයේ ප්‍රධාන පෙලේ ඉස්ලාමීය විද්වතුන්  එළඹෙන සිකුරාදා “හෙළා දැකීමේ දිනය” ලෙස නම් කර තිබේ. ඉස්ලාමීය නිකාය ගණනාවක පූජකවරුන් සහ නීති විශාරදයන් එක්ව පිහිටුවාගෙන ඇති පකිස්තාන උලෙමා  සභාව මෙම නිවේදනය කළේ තම …

“හෙලා දැකීමේ දිනය” ප්‍රියන්ත වෙනුවෙන් Read More »

Translate »
Scroll to Top